හෝර්ටන් තැන්න

 

හෝර්ටන් තැන්න වනාහි දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ෂණය කළ ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකම අතින්ද ඉතා විශේෂ වූ ජාතික උද්‍යානයකි. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික උද්‍යානය වන හෝර්ටන් තැන්න මහඑළිය නමින් මුලින්ම හඳුන්වා ඇති අතර මෙය ලංකාවේ පිහිටි උසම කන්ද පිහිටි තැනිතලා භූමිය වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 2100 - 2300 ක් පමණ උසින් මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති භූමි ප්‍රදේශයක් වන මෙය හෙක්ටයාර් 3,169 ක් පුරා ව්‍යාප්තව ඇති සුන්දර භූමි ප්‍රදේශයකි. 1920 දශකයේ ඉංග්‍රීසි ජාතික කපිතාන් විළියම් පිෂර්,කර්නල් ඇල්බට් වොට්සන් යන දෙදෙනාට හෝටල් තැන්න නිල වශයෙන් සොයා ගැනීමේ ගෞරවය හිමිවන අතර ශ්‍රීමත් රොබට් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුව එයට හෝටන් තැන්න යන නම යොදන ලදී.1969 දෙසැම්බර් 5 වන දින මෙම වනාන්තරය ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කරන ලද අතර සමනළ කන්දට මායිම්ව පිහිටා ඇති මෙම උද්‍යානයේ ඇති ස්ථාන ගත අගය නිසා 1988 වසරේ මාර්තු මස 16 වන දින ජාතික උද්‍යානයක් බවට පත් කරන ලද ලදී.2010 ජූලි මස මෙය ලෝක උරුම ලැයිස්තුවටද ඇතුළත් කර ඇත.


මහ එළියෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මීටර් 2500 ට වඩා වැඩි වන අතර සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශයට වසර පුරාම වර්ෂාව පතිත වුවත් ජනවාරි සිට මාර්තු දක්වා වියලි කාලයක් පවතී.


1992 දී සිදු කරන ලද පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101ක් පමණ ඇත.ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට ආවේණික ඒවාය.බහුතරයක් හෝර්ටන් තැන්නට පමණක් ආවේණික ඒවා වීම විශේෂ වූවකි.


ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ විශාල පිරිසක් දක්නට ලැබෙන හෝර්ටන් තැන්න පරිසර පද්ධතියේ මෙරටට ආවේණික පක්ෂින් විශේෂ 98 ක්ද ,ක්ෂිරපායින් විශේෂ 14 ක්ද,උභයජීවීන් විශේෂ 16-20 ක් පමණ ද සමනල විශේෂ 40 ක් ද දැනට හඳුනාගෙන ඇත. සිව්පා සතුන් අතරින් වැඩිම ගහණයක් පෙන්වන්නේ ගෝන පරපුරයි. ඊට අමතරව හඳුන් දිවියා, වැලි මුවා, දඬුලේනා, කොටියා,හාවා, වල් ඌරා,ඉත්තෑවා, දියබල්ලා,උණහපුලුවා  වැනි ක්ෂිරපායින් මෙම පරිසර පද්ධතිය තුළ දී දැක ගත හැකිය.


හෝ්ර්ටන් තැන්න ජාතික උද්‍යානයට ආවේණික පක්ෂි විශේෂ 12 ක් පමණ වාසය කරන අතර ඒ අතර කැහි බෙල්ලා, මැසිමාරු, සිතැසියා,මයිලගොයා, හබන් කුකුලා, වලි කුකුලා, අරංගයා, පිතකන් කොණ්ඩයා , රැවියා ආදිය වේ. 


ශ්‍රීපාද අඩවියේ නැගෙනහිර කෙළවරේ පිහිටි හෝර්ටන් තැන්න උස් තැනිතලාවන්ගෙන් හා හුදෙකලා කඳුවැටි වලින් සමන්විත සුවිශේෂී භූමියකි.උතුරින් වැලිමඩ සානුවෙන් ද,  ගිණිකොනින් කොස්ලන්ද සානුවෙන් ද, නිරිත දිගින් මහවෙළතැන්න සානුවෙන් ද වෙන් වු මධ්‍ය කඳුකරයේ නැගෙනහිර කෙළවරේ මේ සුවිශේෂී ප්‍රදේශය පිහිටා තිබේ. නුවරඑළියේ සොඳුරු ඉසව් අතරට එන මෙම හෝ්ර්ටන් තැන්න දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය නොඅඩුව දිනාගෙන ඇත.


5 Comments

Post a Comment

Previous Post Next Post