ශ්‍රී ලංකාවේ පිහිටි උසම දිය ඇලි අතරින් දෙවන ස්ථානයේ පවතිනුයේ දියලුම දිය ඇල්ලයි. මෙය මීටර් 171 උසින් පිහිටි ආශ්චර්යමත් දිය ඇල්ලක් වන අතර බදුල්ල දිස්ත්‍රික්කයේ කොළඹ - බදුල්ල මාර්ගයේ කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම දිය ඇල්ල උස අතින් ගත් කළ ලෝකය 361 වන දිය ඇල්ල වන අතර මෙහි සුන්දරත්වය නැරඹීමට දේශීය සංචාරකයින් මෙන්ම විදේශීය සංචාරකයින් ද විශාල වශයෙන් පැමිණෙයි.
මෙම දිය ඇල්ල පෝෂණය වන්නේ පූනගල ඔයෙනි. එසේම මෙම දිය ඇල්ල වටා ද සෑදුනු ජනප්‍රවාදයක් ඇති බව ආචාර්ය ආර්.එල් බ්රොහොයර් මහතා පවසයි. ඔහුට අනුව ලංකාවේ සිටි පැරණි රජෙකු හා කුලයෙන් අඩු කාන්තාවක් අතර සම්බන්ධතාවක් මෙම දිය ඇල්ල වටා ගෙති ඇත. මෙම දියලුමට මෙම නම ලැබී ඇත්තේ දියහලුම හෙවත් වේගයෙන් ගලා හැලෙන ජල කඳ යන අරුතින් බවත් මෙම ජල දහර කුඩා ඔය හා එක්ව පසුව කිරිඳි ගඟට මුසුව අවසානයේදී තිස්සමහාරාමය ආසන්නයෙන් මහා සාගරයට එක් වේ.
දියලුම ඇල්ල ආශ්රිත පහත් හෙල් කොටසේ සේම පහත් බිම්වල කොළ දිවියා, ඉතා දුලභ කටුසු වර්ගයක් වන 'පඳුරු කටුස්සා' සහ සහ 'නෙමස්පීස් පොඩි හූනා' නමින් හඳුන්වනු ලබන හූනු විශේෂය ද දැක ගැනීමට හැකි බව පරිසර විද්‍යාඥයින් පවසයි. ලංකාවේ දියඇලි නාමාවලියේ එන මනරම් ආකර්ෂණිය චමත්කාරය දනවන සුළු දිය ඇල්ලක් ලෙසින් මෙයද හඳුන්වා දිය හැකිය

❤️❤️
ReplyDelete❤️👍
ReplyDelete🥰🥰
ReplyDeleteGood job 👍
ReplyDelete🤷
ReplyDelete🥰🥰
ReplyDeletePost a Comment