නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම මනරම් දිය ඇල්ල කැළණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔයෙන් නිර්මාණය වේ. මෙම දියඇල්ලට ඇබර්ඩීන් යන නම යොදා ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් නගරයේ සිට පැමිණි ඉංග්‍රීසි ජාතිකයෙකු විසිනි. වන ලැහැබක මධ්‍ය නිම්නයක පිහිටි ඇබර්ඩීන් ඇල්ල වටා ඇත්තේ වනාන්තරයයි. මෙය උසින් මීටර් 98 ක් හා පළලින් මීටර් 8 ක් පමණ වන අතර උස අනුව මෙය ශ්‍රී ලංකාවේ 18 වැනියට උසම දිය ඇල්ල වේ.
මෙය ලක්ෂපාන ව්‍යාපෘතිය යටතේ එකල ඉදි කළ නෝර්ටන් බ්‍රිජ් වේල්ල , දිය ඇල්ලේ ජල පරිමාව තරමක් අඩුවීමට හේතු වී ඇත.ජනශ්‍රැතිවලට අනුව ඇබර්ඩීන් ඇල්ලේ සිට ලක්ෂපාන ඇල්ල දක්වා උමඟක් ඇති බව සඳහන් වේ.නරඹන කාටත් මෙම දිය ඇලි යුගලය පෙනෙනුයේ නිවුන් දිය ඇලි යුගලයක් ලෙස ය.ඇල්ලේ ජලකඳ වැටෙන ස්ථානය අවම මීටර් 10 කට වඩා ගැඹුරු අතර දරුණු දිය අඟුල් සහ ගල්කුට්ටි අතර සිරවී මිය ගිය පිරිස් ද වේ.
මෙම ඇල්ල පිහිටියේ දැවැන්ත ගල් තලාවක ය. එම ගල්තලාවේ දෙකෙළවර අතර දුර මීටර් 100කට වඩා වැඩි වන අතර අතිශය භයංකාර ලෙස එය පිහිටා තිබේ. මෙම ඇල්ල වැසි කාලයේදී පිරී ඉතිර මීටර් 10 ක් පමණ වපසරියක් තුළින් කඩා වැටෙන අතර දුර තියා මෙය දකින විට ඇල්ල මුදුනේ සිට ජල පහර පැමිණෙන දර්ශනය සිතාගත නොහැකි තරම් චමත්කාරය.හරිත වර්ණයේ පැහැයන් මගින් වෙළුනු තුරුලතා ගොමුවක පිහිටි රතු ගල් වැටියකට උඩින් වැටෙන ඇබර්ඩීන් ඇල්ල අපූරු දර්ශනයක් මවාපායි

❤️☺️
ReplyDelete👍👍
ReplyDeleteGood
ReplyDelete🥰👌👍
ReplyDeletegreat 💙
ReplyDeletePost a Comment