යාල ජාතික වනෝද්‍යානය

යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ගිනිකොණ දෙසින් තිස්සමහාරාමයට කිලෝමීටර් විස්සක් පමණ නිරත දෙසින් පිහිටා ඇත. ලෝකයේ වර්ග කිලෝමීටරයකට වැඩිම දිවියන් ඝනත්වයකින් යුත් වාසස්ථානයක් ලෙස සැලකෙන යාල වර්ග කිලෝමීටර් 1260 ක වපසරියකින් යුක්ත වන අතර එය කුට්ටි පහකට බෙදා ඇත.ඉන් දෙකක් පමණක් මහජනතාව සඳහා විවෘත කර ඇති අතර වනෝද්‍යානය වර්ග කිලෝමීටර් 1300 කට ආසන්න ආරක්ෂිත ප්‍රදේශයක් ඇත.කොළඹ අගනුවරට වඩා 26 ගුණයකින් විශාලය.


සාමාන්‍යයෙන් දිවියන් දැක ගැනීමට අවස්ථාව නොලැබෙන අතර යාල ප්‍රදේශයේ දී ඔවුන් දැකීමේ අවස්ථාව හිමි ය.ඊට අමතරව වලසුන්, අලින්, මුවන්,වඳුරන්, මී හරක් සහ පක්ෂි විශේෂ රාශියක්ද මෙහිදී දැකගත හැකිය. තවද ක්ෂිරපායින් 44 ක් සමඟ ආවේණික 7 ක් ඇතුළුව ආසන්න වශයෙන් පක්‍ෂී විශේෂ 215 ක් පමණ උද්‍යානයේ වාසය කරයි. තවත් විශේෂත්වයක් වන්නේ එහි වෙරළ තීරය වන අතර ගෝලීය වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු කැස්බෑවන් පස්දෙනා වන උකුස්සන් බිල් කැස්බෑවා, ඔලිව් රිඩ්ලී,ලොගර්හෙඩ් මුහුදු කැස්බෑවා, ලෙදර් බැක් කැස්බෑවා සහ කොළ කැස්බෑවා යන කැස්බෑවන් සාමාන්‍යයෙන් නොවැම්බර් සහ මැයි අතර කූඩුවට පැමිණේ. මෙම උද්‍යානය දිවයිනේ අර්ධ වියළි කලාපයේ පිහිටා ඇති අතර ඊසාන දිග මෝසමෙන් වර්ෂාපතනය ලැබේ. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් 27 වේ.නමුත් වියළි කාලවලදි උෂ්ණත්වය සෙල්සියස් 37 දක්වා ඉහළ යා හැකිය. වනෝද්‍යානය පුරා විසිරී ඇති පාෂාණමය බිම් ශ්‍රී ලංකාවේ වියළි කලාපීය භූ දර්ශනයක් සහිත පුළුල් ප්‍රදේශ භුක්ති විදීමට වාසිදායක ස්ථාන සපයයි. පහත් ලඳු කැලෑ සහ වනාන්තර වනෝද්‍යානයේ දකුණු මායිම ගිණිකොන දිග වෙරළ තීරය, කිවුල් සහිත කලපු සහ කඳු වැටී යාල ජාතික වනෝද්‍යානය සුවිශේෂී චමත්කාරය වැඩි කරයි.


ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන 26 ක් අතර සතුන් සොයා ගත හැකි සුවිශේෂී වනෝද්‍යානය ලෙස මෙය හඳුනාගත හැකිය. යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික වනෝද්‍යානය වේ.දේශීය මෙන් විදේශීය සංචාරකයින් අතර ප්‍රකට මෙම වනෝද්‍යානය ක්‍රිස්තු වර්ෂ 1900 පමණ සිට බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ දඩයම් බිමක් ලෙස භාවිතයට ගෙන තිබේ.ඒ අනුව එය 1900 වසරේදී දඩයම් රක්ෂිතයක් ලෙස නම් කර ඇත.පසුව 1908 දී මෙය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරුනු අතර 1938 පෙබරවාරි 25 වැනි දින යාල ජාතික වනෝද්‍යානයක් බවට නීතියෙන් නම් කරනු ලැබීය.


ශාක පද්ධතිය සැලකීමේදී යාල කටු පඳුරු සහිත ලඳු කැලෑ බහුල වශයෙන් දැකගත හැකිය. නමුත් විවිධ වූ තෙත් මෝසම් වනාන්තර, වියළි මෝසම් වනාන්තර, අර්ධ පතනශීලී වනාන්තරවලින්,කටු වනාන්තර, තෘණ බිම්,වගුරු බිම්,සාගර තෙත් බිම් සහ වැලි සහිත වෙරළ පරිසර පද්ධතිවලින් යුක්ත වේ. සමස්තයක් ලෙස ගත් කල ද්විතීයික වනාන්තර ආකාරයට පිහිටා තිබේදැයි සඳහන් වේ. එමෙන්ම එහි බුරුත,වීර,පළු, මයිල,මලිත්තන්,කුඹුක්,හල්මිල්ල, තිඹිරි වැනි ශාක දක්නට ලැබෙන බවත් සඳහන් ය. පළමුවැනි කලාපයේ වනාන්තර ස්වභාවය දැකගත හැකිය. කලාප තුන හතර පහ වනාන්තර පුළුල් වේ.වන උද්‍යානයේ ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳුවලින් යුක්ත බව ද සඳහන් වේ. වඳවිමේ තර්ජනයට මුහුණ පා සිටින මෙම වටිනා සම්පත රැක ගැනීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපගේ පරම යුතුකමකි

4 Comments

Post a Comment

Previous Post Next Post