බඹරකන්ද දිය ඇල්ල




බදුල්ල දිස්ත්‍රික්කයේ  කළුපහන ප්‍රදේශයේ පිහිටා ඇති සුන්දර බඹරකන්ද ඇල්ල ලංකාවේ දිය ඇලි අතර උසින් වැඩිම දිය ඇල්ල වේ. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති මෙය උසින් මීටර් 263 ක් වේ. වලවේ ගඟේ පිහිටි උසම දිය ඇල්ල ලෙස ද බඹරකන්ද ඇල්ල නම් කරන අතර මුළු ලෝකයේම ඇති දියඇලි අතරින් 299 වැනි ස්ථානය හිමි කර ගනියි.මුහුදු මට්ටමේ සිට මීටර් 1470 ක උස කඳුකර මිටියාවතක පිහිටා ඇති අතර හෝර්ටන් තැන්න බෑවුම් ප්‍රදේශයෙන් උපත ලබා වේලි ඔය ජල දහර නිර්මාණය වෙමින් වලවේ ගඟට එක්වි සමනල වැව පෝෂණය කරයි.'බඹරකැලේ ඇල්ල' යන නමින් ද හඳුන්වන මෙම දිය ඇල්ල ලංකාවේ පමණක් නොව ලෝකයේම සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය ය.


බදුල්ල A4 මහා මාර්ගයෙහි පිහිටි කළු පහන හන්දියෙන් හැරී කිලෝමීටර් 5 ක පමණ දුරක් ගමන් කිරිමෙන් මෙම ඇල්ල කරා ළඟා විය හැකි අතර ඒ අසල පිහිටි ලංකා ඇල්ල සහ යාල තැන්න ඇල්ල ද මෙම සංචාරය තුළදී දැකගත හැකි වීම විශේෂත්වයකි.


කළු පහනේදී වේළි ඔය හරහා ඉදි කළ යටත්විජිත පාලන සමයට අයත් යකඩ පාලමක් දක්නට ලැබෙන අතර එය කෙලින්ම පහළට කඩා හැලේ.මෙය වූ කලී බේසමක් වැනි ජල පොකුණ පිරිපුන් චමත්කාර දසුනකි. වැහි කාලයේදී ඉතා ක්‍රියාශීලීව ඇද හැලෙන මෙම ඇල්ල ඈතට දිස්වනුයේ මනස්කාන්ත අයුරෙනි. නියඟය පවතින කාලයේදී දිය ඇල්ල ඉතා තුනී ලෙස දිස්වන අතර ඉහළ කොටසෙහි කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනයා ඔවුන්ගේ වගා කටයුතු සඳහා මෙම ජලය භාවිත කරයි.මෙහි තවත් විශේෂත්වයක් වනුයේ අනෙකුත් දිය ඇලි මෙන් අනතුරුදායක නොවීමයි. එබැවින් බාල මහලු කාහටත් එකසේ ඇල්ලේ පහස ලබමින් විනෝද විය හැකි ය. අගෝස්තු මාසය පුරාවට බඹරකන්ද දිය ඇල්ල ආශ්‍රිත පරිසරයේ තදබල සුළං හමන බැවින් මෙම ප්‍රදේශය සුළං තොට නමින් හඳුන්වා තිබූ අතර පසුව මෙය දුල්තොට වි තිබේ.මෙසේ සුන්දර ලක් මව සිය සේද වන් දිගු දහරාවලින් නහවන  අපේ රටේ උසම දිය ඇල්ල ලක් මව සැරසු ආභරණයකි

6 Comments

Post a Comment

Previous Post Next Post