රාවණා ඇල්ල

 


සුන්දරත්වයෙන් පරිපූර්ණ වූ රාවණා ඇල්ල ඇල්ල - වැල්ලවාය මාර්ගයේ පිහිටි සොබාදහමේ විශිෂ්ට නිර්මාණයකි. මෙකී සුන්දරත්වය හා බැඳුණු පුරාවෘත්ත රාශියක් වේ.එයින් රාවණා රජු සම්බන්ධ කතා පුවත් රැසකි. රාවණා රජතුමා විසින් සීතා කුමරිය රැගෙන විත් රඳවා තැබුවායි සැලකෙන්නේ මෙම රාවණා ඇල්ල සමීපයේය.එයට සාධකයක් ලෙස රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරය ආසන්නයේ පිහිටා ඇති රාවණා ගුහාව පෙන්වා දිය හැකිය.


මුහුදු මට්ටමේ සිට අඩි 3445 ක උසකින් මෙම ඇල්ල පිහිටා ඇති අතර මෙම දිය ඇල්ලේ උස අඩි 82 ක් වන අතර ශ්‍රී ලංකාවේ පුළුල්ම දිය ඇල්ල ලෙස ශ්‍රේණිගත වේ. දේශීය තෙත් සමයේදී දිය ඇල්ල මැලවී යන පෙති සහිත පුවක් මලකට සමාන යැයි කියනු ලැබේ.නමුත් ජලය ගලා යාම අඩුවන වියලි කාල වලදී මෙය එසේ නොවේ. ඇල්ල රාවණා ඇල්ල වනජීවී අභය භූමියේ කොටසක් වන අතර එය ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 6 ක දුරින් පිහිටා ඇත.


ඌව පළාතේ කඳුකරයට උරුම සොඳුරු පාරිසරික ලක්‍ෂණවලින් පොහොසත් රාවණා ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය ඉතා ශීත දේශගුණයක් නිසාම සංචාරකයින්ගේ ආකර්ෂණය නොමදව ලැබී ඇත. මේ ආසන්නයේම දියලුම සහ දුන්හිඳ ඇල්ල පිහිටා තිබෙන බැවින් එකම දිනයකදී මේ සොඳුරු දිය ඇලි තුනම සංචාරකයින් හට නැරඹීමේ අවස්ථාවද හිමි වේ. මෙම දිය ඇල්ල කඳු මුදුනින් ආරම්භ වී කොටස් කීපයකට බෙදී ගල් අතරින් පහළට ඇද හැලෙනුයේ අපූරු දර්ශනයක් මවා පාමිනි.මෙම ඇල්ල බඹරගම ඇල්ල ලෙසද හඳුන්වන අතර කිරිඳිඔයට සම්බන්ධ අතු ගංගාවකින් පෝෂණය වේ.එසේනම් බදුලු පුරවරයට හෝ  ඇල්ල ප්‍රදේශයට පැමිණෙන සංචාරක ඔබ නොවරදවාම නැරඹිය යුතු අති සුන්දර දිය ඇල්ලක් ලෙස මෙය සැලකිය හැකිය

6 Comments

Post a Comment

Previous Post Next Post